ජනාධිපතිවරණයට තරග කළ ස්වාධීන කණ්ඩායම් හා පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කළ
අපේක්ෂකයන් 13 දෙනෙකු විසින් ස්වකීය වියදම් වාර්තා ලබා නොදීමට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිසම පොලිසියට අදාළ වාර්තා භාරදෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
මාධ්‍ය කළ විමසීමකදී ඔහු කියා ඇත්තේ මැතිවරණය හමාර වී දින 21ක් තුළ අදාළ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට භාරදිය යුතු යැයි ඊට අදාළ නීතියේ සඳහන්ව ඇති බවයි.
ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් වියදම් වාර්තා භාර දී ඇත්තේ අපේක්ෂකයන් 25 දෙනකු පමණක් බව කොමිසම පවසයි.