''රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන ආන්දොලනයක් තියනවා. කැබිනට් මණ්ඩළය තීන්දුවක් ගත්තා
වැටුප් වැඩි කරන්න. අගමැතිනිය කියනවා ඒ සඳහා නිළධාරීන්ගේ අනුමැතිය අරගෙන නෑ කියලා. ඒ තීන්දුව ගන්නකොට ඒ සඳහා උදය වීරරත්න කැඳෙව්වා. ඒ කමිටුවේ හිටපු අය වත්මන් ජනාධිපතිතුමාගේ උපදෙශකයෝ හැටියටත් ඉන්නවා.
දැන් සමහරු අහනවා කැබිනට් මණ්ඩලයේ මුදල් වෙන් කරලද නැද්ද කියලා. මුදල් වෙන් කරලා තියලා ගිහිල්ලා නෑ කියලා කියනවා. කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තාම අදාල මුදල් අයවැයෙන් වෙන් කරගන්නම් ඕන. අයවැයක් ඉදිරිපත් කරන්නේ නැතුව මේ අය කඩිනමින් පාර්ලිමේන්තු ඡන්දයකට ගියා, තමන් කියපු දේවල් එළිවෙනකොට වැඩ වරදින බව දන්න නිසා. නොදන්නකමද මුදල් පරිපාලනය දන්නේ නැති නිසාද එහෙම කියන්නේ කියලා අපි දන්නෙ නෑ.
අපි ආණ්ඩුවේ හිටියානම් ජනවාරියේ වැටුප් වැඩි කිරීම කරනවා. අපි දහ දාහක දිමනාවක් දෙනව කීව. ඒක වාරික දෙකකට දුන්නා. මේ අය මැතිවරණයක් කට මුල තියාගෙනත් රාජ්ය සේවකයෝ රවට්ටනවා. අපි දුන්න දීමනවත් නොදෙන හැඩක් තමා තියෙන්නේ. හෙට දවසේ රාජ්ය සේවකයන්ට මේ ගැන තීරණයක් ගන්න තියනවා. රාජ්ය සේවකයන් මුලා කරලා ජනාධිපතිවරනයේ බලය ගත්ත පක්ෂයට පාර්ලිමේන්තුවේ බලය දෙන්වාද කියලා තීරණය කරන්න.
ආණ්ඩුවේ වෘත්තීය සමිති අපේ ආණ්ඩුව කාලේ වර්ජනය කළා. ඒ වෘත්තිය සමිති නායකයෝ අද කෝ. අන්න ඒ අය මාළිමාවෙන් ඡන්දය ඉල්ලනවා. ගිහින්න අහන්න කෝ අපේ වැඩිකළ වැටුප කියලා".