SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

17 වතාවක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැන්නෙකුගෙන්

තමා කිසි විටෙකත් උපදෙස් නොගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික කරුණු වන ‘ජන වරම’ නොතේරුණු රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාව ඉගැන්වීමට ඉදිරිපත් වීම මහා විහිළුවක් බව අගමැතිවරිය  ජනහමුවකදී පැවසීය.

 

 

“රනිල්ගෙන් මම කවදාවත් උපදෙස් ගන්නෙ නෑ..

17 පාරක් ජනතාව ප්‍රතික්ෂේප කරලා.. යන්නෙ නෑ, තාම එල්ලිලා ඉන්නවා..

ජනතාව වෙනස් වෙලා, ජනතාව ප්‍රතික්‍ෂේප කළා කියලා තවම තේරුම් ගන්න බැහැ,

රනිල්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උගන්නන්න පුළුවන් කියන එක ගැන මටත් පුදුමයි..

මේකවත් තේරුම් ගන්න බැරි රනිල්.

 

“මම හැම වෙලාවෙම  කිව්වා අපි තීන්දු තීරණ ගැනීමේදී නිසි ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බව, එවැනි ක්‍රමවේදයන් අනුගමනය නොකළ නිසා රට මේ තරම් අර්බුදවලට මුහුණ දී ඇති බවත් කිව්ව,

අපි තීන්දු තීරණ ගන්නේ ජනතාවට ඇහුම්කන් දී නිලධාරීන්ගේ අදහස් සලකා බලායි.

 

ජනතාව අපෙන් කිසිදා බලාපොරොත්තු වන්නේ නැහැ, ඒ අය කරපු විදියටම රට පාලනය කිරීමක්.

අපිව එලවන්න නෙවෙයි ඒ අයගෙන් පාඩම් ඉගෙනගෙන ජනතාවට වගකිව යුතුයි කියලයි අපි රනිල්ට කියන්නෙ,"

 

 

 

නවතම ලිපි