මහනුවර දිස්ත්‍රික්කය සඳහා සමගි ජන සංවිධානයෙන් ඉදිරිපත්වි සිටින තරු පන්තියේ හෝටල් කීපයක අයිතිකරුවකු
මහනුවර ජන්ද දායකයන් තම හෝටල් වෙත ගෙන්වා මහා පරිමානයේ භෝජන සංග්‍රහ ලබා දුන්නලු.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මේ විදිහට මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කරනවා කියල ඔන්න මහනුවර මැතිවරණ කොමිසමට තොරතුරු වාර්ථා වෙලා මැතිවරණ කොමිසම පරීක්ෂණයක් අරඹලාලු.
පරීක්ෂණ කාණ්ඩායම මේ භෝජන සංග්‍රහයේ දර්ශන, චායාරූප ගැන කරපු පරීක්ෂණයට අනුව දිනකට තුන් හාරසීයක ජන්ද දායකයන් පිරිසකට සංග්‍රහ පවත්වා ඇති බවත් පසුගිය දිනක මැතිවරණ නිළධාරීන් වැටලීමකට ගිය අවස්ථාවේ මෙම පුද්ගලයා පස්ස දොරෙන් පැනගිය බව මැතිවරණ කොමිසමට තොරතුරු වාර්ථා වි තිබෙනවාලු.
සති 2ක කාලයක් තරු 5හේ හෝටල්හි සංග්‍රහ කිරීම් නිසා ඔහු මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවත් එසේ ඡන්දදායකයන්ට සංග්‍රහ ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණයේන් අදාල පුද්ගලයාගේ මන්ත්‍රීධුරය අහෝසි කිරීමට පවා තුඩුදේන කාරණයක් වෙනවලු. අතීතයේත් ජන්දදායකුට තේ කෝප්පයක්දි මන්ත්‍රී ධුරය අහෝසි වු අවස්ථාවන් ගැන මේ ගැන නිරීක්ෂණය කරපු කොමිසමේ ප්‍රකාශකයෙක් කිව්ව කියලත් ආරංචිය. ඒ වගේමලු සංග්‍රහ ලබාදීපු අය විතරක් නෙවෙයි සංග්‍රහය භුක්ති විඳපු අයත් නීතිය ඉදිරියේ වැරදි කරුවන් වෙලා තියෙනවලු.
නිරික්ෂන කණ්ඩායම් නියෝජිතවරයෙක් කියල තිබුණේ රටක නීතිය ආරක්ෂා කරන උත්තරීතර පාර්ලිමේන්තුවට තෙරී පත් වන්නට පෙර ඇතැම් අපේක්ෂකයන් නිතී උල්ලංඝනය කිරීමම හාස්‍යයට කරුනක් කියලලු.
මේ හින්ඳා මැතිවරණ නීතියට අනුව යම් අපේක්ෂකයකු ජයග්‍රහණය කලත් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇත්නම් එම මන්ත්‍රී ආසනය අහිමි වීමේ අවධානමක් ඇති අතර එම අපේක්ෂකයාට ලබා දෙන ජන්දය ගඟට ඉනි කැපුවා වැනි ලුය.
ආරංචියේ හැටියට මේ වගේ වැඩ හින්ඳ මේ අපේක්ෂකයව එයාගේ උපන් බිම වුනු පොලොන්නරුවෙ ජනතාවත් ප්‍රතික්ෂේප කරලලු.
#Gossip