වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මේ දක්වා කිසිදු මුදල් අච්චු ගැසීමක්
සිදුකර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි.
එමෙන්ම කිසිදු රටකින් හෝ විදේශ ආයතනයකින් ණය ගැනීමක් සිදුකර නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එලෙස අලුතින් මුදල් අච්චු ගසන්නට මහ බැංකු පනත යටතේ අවසර නැති බව කී අමාත්‍යවරයා හොරෙන් මුදල් අච්චු ගහන්නට හැකියාවක් නැති බව කීය.
එලෙස මුදල් අච්චු ගැසීමක් කර තිබේ නම් එය කළ යුත්තේ නව මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර දිසානායකගේ අත්සනින් බව කී කැබිනට් ප්‍රකාශකවරයා මුදල් අච්චු ගැසුවේ නම් ජනතාවට එය දකින්නට ලැබෙනු ඇති බව සඳහන් කළේය.
@අරුණ