තමන් ඉරානයේ හමුදා ඉලක්ක වෙත නිශ්චිත ප්‍රහාර සිදුකරන බව පවසමින් ඊශ්‍රායලය
ඉරානයටත් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසන්නේ මෙම ප්‍රහාර ඉරාන පාලන තන්ත්රයෙන් මාස ගණනාවක් තිස්සේ එල්ල වූ අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් බවයි.
පසුගිය ඔක්තෝබර් 1 වන දින ඊශ්‍රායලයට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල විය.
ඉරාන අගනුවරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි ඇතැම් හමුදා කඳවුරු ඉලක්ක කර ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පවසා තිබේ.
මෙම ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ ඉරානය සිය ගුවන් කලාපය වසා දමා ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන අතර නැවත දැනුම් දෙන තුරු සියලු ගුවන් ගමන් අවලංගු කළ බව ඉරානයේ සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රකාශකයෙක් පවසා ඇති බව වාර්තා වේ.
කලාපයේ සිදුවෙමින් පවතින හමුදා මෙහෙයුම මධ්‍යයේ ඉරාකයේ ගුවන් කලාපය ද වසා දමන බව ඉරාක ප්‍රවාහන අමාත්‍යවරයා පවසා තිබේ. කලාපීය ආතතීන් හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සියලුම ගුවන් තොටුපලවල සියලුම ගුවන් ගමනාගමනය අත්හිටුවා ඇති බව ඔහු සඳහන් කරයි.