ත්‍රස්තවාදී තර්ජනයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය විසින්
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල සංචාරකයින්ට අනතුරු ඇඟවිමක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.
ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට විශේෂ දැනුම්දීමක් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ත්‍රස්තවාදී තර්ජනයක් ඇති බැවින් ශ්‍රී ලංකාවේ ඇතැම් සංචාරක ප්‍රදේශ කිහිපයකින් වහාම ඉවත්වන ලෙස දැනුම්දී ඇති බවය.
ඒ අනුව ත්‍රස්තවාදී තර්ජනය වත්මන් තොරතුරු අනුව සංචාරක ප්‍රදේශ සහ වෙරළ තීරයන් කෙරෙහි අවධානය යොමු කරමින් ආරුගම් බොක්ක ප්‍රදේශය සහ ශ්‍රී ලංකාවේ දකුණේ සහ බටහිර වෙරළ තීරයන්ට අදාළව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව සඳහන් ය.
ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය තර්ජනයේ නිශ්චිත ස්වභාවය සඳහන් කර නොමැති අතර, ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවල සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ද මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දැනුම්දී ඇත.