SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය ජනාධිපතිවරණයේදී වෛරයෙන් සහ කෝපයෙන් සිටි ජනතාව

ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් නමුත් එම පක්ෂයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ දිනවල සිදු කළ ප්‍රකාශ පසුපස කිසිදු පදනමක් නොතිබුණු බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

 

 

ඊයේ (22) ගම්පහ, කිරිඳිවැල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් දිලිත් ජයවීර මේ බව පැවසුවේය.

 

“මේ පාර 43%ක් ඡන්දය දුන්නා, වෛරයෙන් කෝපයෙන් සිටි අය මාලිමාවට. හැමෝම ඇහුවා ඒ අයට නොදී කාටද දෙන්නේ කියලා. සාධාරණ ප්‍රශ්නයක්. මේ රටේ දීර්ඝ කාලයක් ජනතාවට දූෂිත කටයුතු ඇස්පනාපිට පේනකොට, පොඩි මිනිහා තලා පෙළාගෙන ජීවත් වෙනකොට ඊට විරුද්ධ බලවේගයක් ලෙස මතුවුණු කෙනාටයි ඡන්දය දුන්නේ.

 

ඔහුගේ ප්‍රලාප දැන් විහිළුවට ලක්වෙලා තියෙන්නේ සමාජ මාධ්‍යවල. ඔහු ඒ කියපු ප්‍රකාශවල පිටිපස්සේ කිසිදු පදනමක් තිබුණේ නෑ. ලංකාවේ ජනතාව දුක්විඳින අන්තිම පෝය කියලා කිව්වා. දැන් එක පෝයයි ගියේ… හාලුත් නෑ”

 

 

 

නවතම ලිපි