ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල් ජාතිකයන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවට
පසුගිය දින කිහිපයේ තොරතුරු ලැබී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.
ඒ අනුව ආරුගම්බේ ප්‍රදේශය ඊශ්‍රායල් ජාතිකයන්ගේ වැඩි සංචාරක ආකර්ශනයක් සහිත ප්‍රදේශයක් නිසා, ඔවුන්ගේ ගොඩනැගිල්ලක් වැනි ස්ථානයක් පවතින බවයි පොලීසිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මීට අවශ්‍ය මූලික පියවර ගෙන පසුගිය දිනවල මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් සිදුකර ඇත.
ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද දින තහවුරු කළේය.
ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ඇමරිකානු පුරවැසියන්ට සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ඒ අනුව ආරුගම්බේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ විශ්වසනීය තොරතුරු ලැබී ඇති බව එම අනතුරු ඇඟවීමෙහි වැඩිදුරටත් සඳහන් වේ.