SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර ඇතැම් බුද්ධි අංශ විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග සෙවීමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්‍රාමික විනිසුරු ANJ අල්විස්  ප්‍රධානත්වයෙන් කමිටුවක් මේ වසර මුලදී පත්කිරීමේ අරමුණ කුමක්දැයි කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කළේය.

 

 

2019 අප්‍රේල් 21 වන දින සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් අදාළ බලධාරීන්ගේ ක්‍රියා විමර්ශනය කිරීමට මෙම කමිටුව පත් කර තිබුණි.

 

එහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් නව කමිටුවක් පත් කිරීම “සැක සහගත” බව කාදිනල් රංජිත් හිමිපාණන් මාධ්‍ය හමුවකදී පැවසීය.

 

 

“ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන නිලධාරීන් දේශපාලනික වශයෙන් බිල්ලට ගැනීමට අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හිටපු ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බවට අපි සැක කරනවා.

 

ඒවගේම, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය මෙහෙයවීමේ කොන්ත්‍රාත්තුවක් කරගෙන යන බවක් පෙනෙන්නට තිබෙනවා”

යැයිද ඔහු කියා සිටියා.

 

 

“උදය ගම්මන්පිල මහතා මේ කාලය පුරාම නිහඬව සිටි නිසා මේ මොහොතේ මෙය එළියට එන්නේ ඇයි දැයි අපි ප්‍රශ්න කරනවා”  

යැයි කාදිනල් හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

 

නවතම ලිපි