SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලබන වසරේ මාර්තු මාසයට පෙර ඉදිරිපත් කිරීමට නියමිත 2025 අයවැය මගින්

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමටත්, පාසල් සිසුන්ට අමතර දීමනාවක් ලබාදීමටත්, අඩු ආදායම්ලාභී පවුල් සඳහා දීමනාව වැඩි කිරීමටත් රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

 

 

හෝමාගම ප්‍රදේශයේ පැවති මැතිවරණ රැළියකට එක්වෙමින් ඔහු කියා සිටියේ අයවැයක් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින් 2025 වසරේ මුල් මාස තුන සඳහා දෙසැම්බර් මාසයේදී අතුරු අයවැයක් ඉදිරිපත් කරන බවයි.

 

රට තුළ ආරම්භ කර ඇති සියලුම ව්‍යාපෘති පිළිබඳව රජය සමාලෝචනය කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා  ඒවායින් සමහරක් අත්හිටුවා ඇති අතර තවත් සමහර ව්‍යාපෘති අපේක්ෂිත දිශානතියට යොමු නොවන බව පැවසීය.

 

 

"අපි අදාළ ආයතනවලට උපදෙස් දීලා තියෙනවා සියලුම ව්‍යාපෘතිවල සිතියමක් හදලා ඒවායේ ස්ථාන හදුනාගන්න. ඒ තමයි ග්‍රාමීය ජනතාව දිළිඳුකමින් මුදවාගැනීමේ සැලැස්ම. අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදෙන දීමනාව ඉදිරි අයවැයෙන් වැඩි කරනවා”.

 

 

රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමට රජය ප්‍රමුඛත්වය දෙන බව පැවසූ ජනාධිපතිවරයා  ඒ සඳහා නව අමාත්‍යාංශයක් පිහිටුවන බවද පැවසීය.

 

 

"මේ වන විට විදේශගතව සිටින ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ශ්‍රී ලාංකිකයෙකු ඩිජිටල්කරණ කාර්යය භාර ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ වී තියෙනවා. ඔහු නව අමාත්‍යාංශයේ ලේකම් සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ලෙස පත් කරනවා. වසර දෙක තුනක් ඇතුළත අපි  රාජ්‍ය අංශය කාර්යක්‍ෂම අංශයක් බවට පත් කරනවා”

 

 

යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

marrikkar

නවතම ලිපි