SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රුපියල් බිලියන 3.5ක වැට් බදු පැහැර හැරීමට චෝදනා ලද අර්ජුන් ඇලෝසියස්ගෙන් එම බදු මුදල්

උසාවියේ ගිණුම් අංකයකට බැර කර ගැනීමට අදාළ කටයුතු උසාවියේ නීතිමය ක්‍රියාවලිය හරහා නුදුරේදී ම සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර පවසයි.

 

 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නඩු පැවරීම සිදු කරන නමුත් පැහැර හරින ලද වැට් බදු අය කර ගැනීම සම්බන්ධව උසාවියට බලය පැවරෙන බව ත් ඒ අනුව අර්ජුන් ඇලෝසියස් පැහැර හරින ලදැයි චෝදනා ලැබූ එම මුදල ඉදිරියේදී උසාවියේ නීතිමය පටිපාටිය තුළ අය කෙරෙණු ඇති බව ත් ඇය  පැවසුවාය.

 

මෙම බදු පැහැර හරින ලදැයි චෝදනා ලැබූ අය එම මුදල් ගෙවනවා ද යන්න පිළිබඳ ව  රටේ ජනතාව බලා ගෙන සිටින බව ද  ඇය කීවා ය.

 

මේ අතර, වැට් බදු පැහැර හරින ලදැයි චෝදනා ලැබූ මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට කිසියම් පුද්ගලයෙක් ගෙවීමට ඇති ණයවලින් ඇලෝසියස්ගේ බැංකුවල ඇති මුදල්වලින් හෝ ඔහුගේ දේපළ අත්පත් කර ගැනීමකින් උසාවි දඩ මුදලක් ලෙස රුපියල් බිලියන 3.5ක මුදල ලබා ගැනීමට දේශීය ආදායම් පනතට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරියට නීති ප්‍රතිපාදන හිමි වේ.

 

 

මහා පරිමාණ බදු පොලුකාරයන්ට හෙට-අනිද්දා නඩු? අවසන් සිහි කැඳවීමත් යවලා

 

 

මේ අතර මහා පරිමාණයෙන් බදු පැහැර හරින ලද පෞද්ගලික සමාගම් 8කට පමණ නඩු පැවරීමට පෙර අවසන් සිහි කැඳවීම කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර පවසයි.

 

මෙසේ බදු පැහැර හරින ලද එම සමාගම් පසුගිය දිනවල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කැඳවා අදාළ බදු මුදල් ගෙවන ලෙස සිහි කැඳවීම් කළ නමුත් ඒවා නොකතා හරින්නේ නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ඇය පැවැසුවා ය.

 

නීතිමය කටයුතු සම්බන්ධ නිසා මෙම ආයතනවල නම් ඇය හෙළි නොකරන්නීය.

 

 

marrikkar

නවතම ලිපි