SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ

අපේක්ෂකයින්ට තම ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කර තිබේ.

 

 

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ  (ඔක්. 17) මේ බව සඳහන් කළේ ය.

 

 

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිමය රුපියල් 5,750,000ක් වන බව ය.

 

 

කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව වනුයේ 79,493,756කි.

 

එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 21ක් ඇතුළත පක්ෂ ලේකම්ගේ, ස්වාධීන කණ්ඩායම් නායකයාගේ සහ අපේක්ෂකයාගේ අත්සන, දිවුරුම් කොමසාරිස්වරයා හෝ සාමදාන විනිශ්චයකාරවරයා විසින් සහතික කොට මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දිය යුතු බව ය.

 

එම නිවේදනය පහතින් දැක්වේ.

 

gen ele viyadam

marrikkar

නවතම ලිපි