SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගය විසින් මෙවර පාර්ලිමේන්තුවට යවනු ලබන්නේ

තම අපේක්ෂක ලැයිස්තුවන්හි මනාප අනුව තේරී පත්වන අය බව එම පක්‍ෂයේ මහනුවර කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත කියයි.

 

 

එය මැතිවරණය නීතිය බවත් මැතිවරණ නීතියට පරිබාහිරව කිසිවක් නොවන බවත් ඔහු පවසයි.

 

 

මනාප ඉල්ලන්නේ නැතිව පක්‍ෂයට පමණක් ඡන්දය ඉල්ලුවේ ඉස්සර බවත්, ඒ ජනතා විමුක්ති පෙරමුණේ සිටින කාලය තුළ බවත්, එහිදී පක්ය විසින් නම් කරන ලද බවත්, වර්තමානයේ ජාතික ජන බලවේගය දැවැන්ත බහුජන පක්ෂයක් නිසා එසේ කටයුතු කළ නොහැකි බවත් හෙතෙම මහනුවරදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

 

 

මේ පිළිබඳව අදහස් දක්වන ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සාමාජික බිමල් රත්නායක පවසන්නේ අපේක්ෂකයින්ට මනාප දෙන ලෙස ඉල්ලීම තහනම් කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.

 

 “අපේ අපේක්ෂකයන්ට මනාප ඉල්ලන එක අපි තහනම් කළා කියන එක නිවැරදි නැහැ. අපි කිව්වේ අනිත් පක්ෂ වගේ අපි අතරේ මනාප සඳහා සටනක් නැහැ කියන එක”

 

 

 

 

marrikkar

නවතම ලිපි