SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළැඹී ගිවිසුම්

සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.‍

 

 

සරල වචනයෙන් කීවොත් ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට ඉතාමත් ආසන්න බව යැයි විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

 

ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය අවසන්වීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී තිබෙන ආධාර වැඩසටහනේ තෙවැනි සමාලෝචනයට යෑමට රජයට හැකියාව ලැබෙනු ඇති බවත්  ඔහු කියයි.

 

එමගින් මෙරට ආර්ථිකය තවත් ස්ථාවර කරගැනීමට මෙන්ම තිරසරභාවයේ පදනම තවත් ශක්තිමත් කර ගැනීමටත් සියල්ල ඇතුළත් ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමටත් හැකිවන බවත්  අමාත්‍යවරයගේ අදහස වී ඇත.

 

මෙරට සිටින විදේශ දූත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර විදේශ කටයුතු අමාත්‍යංශයේදී ඊයේ(14) හමුවක් පැවැති අතර එහිදී ඔහු මෙම අදහස් පළ කළේය.

 

වංචාව සහ දූෂණයට කිසිම සමාවක් ලබා නොදෙන ප්‍රතිපත්තිය යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප්‍රධාන කරුණු කීපයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් දුෂණ චෝදනා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන මේ වනවිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කඩිනම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවැසුවේය.

 

අතීතයේදී මතුවූ ගැටළු ආමන්ත්‍රණය කරමින් සියලුම ජනතාවගේ මානව හිමිකම් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට රජය කටයුතු කරනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේය.

 

 

 

marrikkar

නවතම ලිපි