SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩා

වට පත් පුද්ගලයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.

 

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ  දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් මෙලෙස අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින  බවය. 

 

 

ඒ අනුව පවුල් 34,492කට අයත් පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත් ව ඇති බව වාර්තා වේ.

 

මේ  වනවිට   පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

 

නිවාස 240කට අර්ධ හානි සිදුවී ඇති අතර එක් නිවසක් සම්පුර්ණයෙන් ම විනාශ වී ඇත.

 

පවුල් 1753කට අයත් පුද්ගලයින් 6963 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 81ක රැදී සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

 

දින කිහිපයක් පුරාවට ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ලව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටය.

 

 

එහිදී පවුල් 20,553කට අයත් පුද්ගලයින් 82,839 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

 

 

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 10,914කට අයත් පුද්ගලයින් 40,231 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව සදහන් වේ.

 

මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කළු, කැළණි, ගිං සහ අත්තනගලු ඔයේ ස්ථාන 05ක ගං වතුර අවදානම පවතින බව වාරිමාර්ග  දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ අතර දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑම් පිළිබඳව පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

 

කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත්කර ඇති බව සදහන් වේ.

 

 

 

marrikkar

නවතම ලිපි