SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ව්‍යවසායකත්වය, මෙරට අධ්‍යාපනයේ විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

කොළඹදී පැවති ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයකදී දේශනයක් සිදුකරමින් ඔහු ඒ බව කියා සිටියේය.  

 

 

"මම අවුරුදු 30කට ආසන්න කාලයක් උත්සාහ කරනවා සමාජ ගත කරන්නට මේ ව්‍යවසායකත්ව සංකල්පය. කොහොමද සම්ප්‍රදායෙන් පිට හිතන්නේ ?  නිර්මාණශීලිව හිතන්නේ ? වෙනස් විදිහට හිතන්නේ?  එහෙම හිතලා ඒකෙන් අරමුණු ඉටුකරගන්නේ කියලා. කාලයාගේ ඇවැමෙන් මට සමාජ හැකියාවක් ටික ටික ලැබෙන්න ලැබෙන්න මට මේක සමාජ ගත කරන්න ලැබුණා.

 

හැබැයි අවාසනාවකට වගේ අපිට ඒ සමාන අවස්ථාව ලැබෙන්නේ නැහැ මේ ව්‍යවසායකත්වය පිළිබඳව අධ්‍යාපනයක් ලබාගන්න. විෂය නිර්දේශයේ ව්‍යවසායකත්වය නැහැ. කොහෙවත් නැහැ නිර්මාණශීලිත්වය උගන්වන්නේ. අපේ කොහෙවත් උගන්වන්නේ නැහැ හිතන්න. හිතුන එකාට හිතුනා, හිතුන්නැති කෙනාට හිතුන්නේ නැහැ.

 

මේක නිසා තමයි මේ සමාජය ඉදිරියට යන්නේ නැත්තේ. ඉගෙන ගන්න ඕනේ රස්සාවල් හොයාගෙන යන්න නෙමෙයි රස්සාවල් දෙන්න, රස්සාවල් හදන්න. මේක තමයි රටට ඕනේ, අපි කතාකරන්න ඕනේ මේක ගැන... හිතන්න නිර්මාණශීලිව ව්‍යවසායකයෙක් හෝ ව්‍යවසායිකාවක් වෙන්න. නැතිදේ ගැන හිතන්නේ එපා. එහෙම හිතුවනම් මමත් අද මෙතන නැහැ."          

marrikkar

නවතම ලිපි