SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද(11) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ

නාමයෝජනා මැතිවරණ කාර්යාලයට බාරදෙනු ලැබීය.

 

 

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන බිමල් රත්නායක, මහාචාර්ය වසන්තා සුභසිංහ, ඔලිම්පික් ක්‍රීඩක සුගත් තිලකරත්න, රංගන ශිල්පිනී චමිලා පීරිස්, ව්‍යාපාරික A F M අක්‍රම් යන අය සහභාගි විය.

 

2024 මහ මැතිවරණය

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින්

 

01.බිමල් රත්නායක -

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික,

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී

02. මහාචාර්ය වසන්තා සුභසිංහ-

කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ  ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සමාජ සවිබල ගැන්වීමේ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

03. ආචාර්ය අනුර කරුණාතිලක -

කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

 ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

04. මහාචාර්ය උපාලි පන්නිලගේ - 

රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

05. එරංග උදේශ් වීරරත්න -

සමාගම් ප‍්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු,

තොරතුරු තාක්ෂණ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

06.  අරුණ ජයසේකර -

විශ‍්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ‍්‍රාමික හමුදා සාමූහිකයේ ප‍්‍රධානී

07. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම - 

සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික

08. ජනිත රුවන් කොඩිතුවක්කු - 

නාවුක සහකාර ඉංජිනේරු,

ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික

09. පුණ්‍ය ශ‍්‍රී කුමාර ජයකොඩි -

ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික

10. රාමලිංගම් චන්ද්‍රසේකර් -

  පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත‍්‍රික් සංවිධායක

11.වෛද්‍ය නජිත් ඉන්දික -

සමාජ ක‍්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු

12. සුගත් තිලකරත්න -

ඔලිම්පික් ක‍්‍රීඩක

13. නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර -

   ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් විධායක සභික

14. සුනිල් කුමාර ගමගේ -

වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී,

ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සභාපති

15. ගාමිණී රත්නායක -

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, වෙළ`ද කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැ`දවුම්කරු

16. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ -

              ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති,

              ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති

17. සුගත් වසන්ත ද සිල්වා -

    සමාජ සේවා නිලධාරී (විශ‍්‍රාමික), ශ‍්‍රී ලංකා දෘෂ්යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති

18. කීර්ති වැලිසරගේ -

සම්මානිත සාහිත්‍යවේදී, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික

19. චමිලා කුමුදු පීරිස් -

ප‍්‍රවීන රංගන ශිල්පිනී

20. අබ්දුල් ෆතා මොහොමඞ් ඉක්රාම් -

    එමරල්ඞ් පුද්ගලික සමාගමේ කළමානාකරණ අධ්‍යක්ෂ

21.රංජන් ජයලාල් පෙරේරා -

ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම්,

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික

22. මොහොමඞ් මොහොම්මදු නසීර් ඉක්රාම් -

ගුරු වෘත්තිය, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික

23. ක්ලොමට් මාර්ටින් නෙල්සන් -

ප‍්‍රවීන නාට්‍යවේදී, සමාජ හා ධීවර සමිති ක‍්‍රියාකාරික

24.රොමේෂ් මොහාන් ද මැල් -

සමාගම් අධ්‍යක්ෂ

25.බෙනිටා ප‍්‍රිශාන්ති හෙට්ටිතන්ත‍්‍රී - සමාගම් අධ්‍යක්ෂ -

26.  පුබුදු නුවන් සමරවීර -

පශු වෛද්‍ය, ජාතික ජන බලවේගයේ  ඕස්ට්‍රේලියාවේ සම්බන්ධීකාරක සහ

මෙල්බර්න් නගර සංවිධායක

27.  සරත් ලාල් පෙරේරා -

සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික

විශ‍්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ සහ

විශ‍්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ ලේකම්          

28. අනුර හෙට්ටිගොඩ ගමගේ -

ගණකාධිකාරී, ජාතික ජන බලවේගයේ කටාර් සංවිධායක

29.හේමතිලක ගමගේ -

මාධ්‍යවේදී

 

 

 

marrikkar

නවතම ලිපි