SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 මහ මැතිවරණයට අදාළව ඔක්තෝම්බර් 4 වනදා ආරම්භ වූ

නාමයෝජනා භාරගැනීම අද (11) දහවල් 12 න් අවසන් වේ.

 

 

මැතිවරණ කොමිෂන් සභාවට අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී නාමයෝජනා භාර ගන්නා ලදී.

 

ඔක්තෝබර් 10 වැනිදා වන විට දේශපාලන පක්ෂ 147ක් සහ ස්වාධීන කණ්ඩායම් 104ක් නාමයෝජනා භාර දී ඇත.

 

පාර්ලිමේන්තු මැතිවරණය 2024 නොවැම්බර් 14 වැනි දින පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මීට පෙර නිවේදනය කළේය.

 

මෙවර මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි. මන්ත්‍රීවරුන් අතරින් මැතිවරණ දිස්ත්‍රික්ක 22 කින් 196 දෙනෙකු තෝරා ගැනෙන අතර එක් එක් පක්ෂ හෝ කණ්ඩායම් ලබා ගන්නා ඡන්ද මත ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 29 දෙනෙකු පත් කෙරේ.

 

 

marrikkar

නවතම ලිපි