SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත් ගේ රුව සහිත

මුද්දර නිකුත් කිරීම පිළිබඳ තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

 

 

එහි සඳහන්ව ඇත්තේ, අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිත මුද්දර සමරු තිළිණ පමණක් වන බවයි.

 

ඒ අනුව එය හුදෙක් සිහිවටනක් පමණක් බව තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

 

තවද එම නිවේදනය මඟින් දක්වා ඇත්තේ, මෙවර ලෝක තැපැල් දිනය වෙනුවෙන් අගමැතිවරියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව සහිත මුද්දර නිකුත් නොකළ බවයි.

 

 

එසේම ඕනෑම පුද්ගලයෙකුට තමා කැමති රුවක් යොදා පුද්ගලකාරක මුද්දර මුද්‍රණය කර ගැනීමේ හැකියාවක් පවතින බවද එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව සාම්ප්‍රදායක් ලෙස විශේෂ අවස්ථාවන් හිදී පුද්ගලකාරක මුද්දර සිහිවටන ලෙස ලබාදීම සිදුකරන බවත් එහි සඳහන්ව තිබේ. 

 

 

ලෝක තැපැල් දින ජාතික සැමරුම ඊයේ (10) අරලියගහ මන්දිරයේ දී පැවැති අතර ඒ සඳහා අගමැතිනී හරිනි අමරසූරිය සහ විෂයභාර අමාත්‍ය විජිත හේරත් ඊට සහභාගි විය. 

 

එහිදී විශ්ව තැපැල් සංගමයේ 150වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කෙරුණු අතර අගමැති හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිත මුද්දර දෙකක්ද  එහිදී ප්‍රදානය කෙරිණි.

 

අගමැතිවරියගේ සහ අමාත්‍ය විජිත හේරත් ගේ රුව සහිත මුද්දර නිකුත් කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ද ලක්විය.

WhatsApp Image 2024 10 10 at 14.42.01

 

marrikkar

නවතම ලිපි