SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මෙවර මහ මැතිවරණයට

දෙවන පරපුර පක්ෂය යටතේ තරග කරන බව වාර්තා වේ.

 

ඔහු අද (09) දෙවන පරපුර පක්ෂය  සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.

 

උ

 

"හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගීම ජනතාවට බාරයි. අසාර්ථක වුණු අයව නැවත පාර්ලිමේන්තුවට ගේන සම්ප්‍රදාය අපි බිඳිමු. සහයෝගයෙන් සහ බුද්ධිමත්ව වැඩ කිරීමට හැකි නවක කණ්ඩායමක් තෝරාපත් කරගමු. දෙවන පරපුර තුළින් ඒ ශක්තිය ලබාදෙන්න පුළුවන්. මමත් ඒ අයට ශක්තියක් වෙන්න තමයි අද දෙවන පරපුර සමග එකතු වුණේ."   

 

උවිදු 4

 

දෙවන පරපුර පක්ෂය සමග අද සිවිල් සංවිධාන කිහිපයක් එකතුව ඇති අතර එහිදී සම්මුතියකට අත්සන් තැබීම ද සිදු කෙරිණි.

 

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර ගේ පුත්‍රයා වන උවිඳු විජේවීර දෙවන පරපුර පක්ෂයේ නායකත්වය දරයි.

 

එහිදී අදහස් දැක්වූ විජේවීර පුත් උවිඳු විජේවීර..

 

"විපක්ෂයට පරණ හොරු ටිකම යැව්වොත් රට දියුණු කරන්න බැහැ. සමස්ත පාර්ලිමේන්තුවම මේ රටට ආදරය කරන මිනිස්සුන්ගෙන් පුරවමු."

 

 

marrikkar

නවතම ලිපි