ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග අත්අඩංගුවට ගෙන
ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය අද (8) වරෙන්තු නිකුත් කර ඇත.
මෙම වසරේ මාර්තු මාසයේ පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේ පැවති ‘ලෙජන්ඩ් ක්‍රිකට් ට්‍රෝෆි’ ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවකට සාක්ෂි දීම සඳහා අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.
අධිකරණයට දැනුම්දීමකින් තොරව උපුල් තරංග විදෙස්ගතවී ඇති අතර ඔහුව ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගන්නැයි මාතලේ මහාධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
කෙසේ වුවද ඔහු විදෙස්ගතව සිටින බැවින් දිවයිනට පැමිණි පසු අධිකරණය හමුවේ පෙනී සිටින බවට මෝසමක් මාර්ගයෙන් දැනුම් දී තිබේ.