SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාරගැනීම අද (04)

දින  සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

 

ඒ අනුව නාම යෝජනා භාරගැනීම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ලබන 11 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා සිදු කිරීමට නියමිතව ඇත.

 

 

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කර ඇත්තේ නාම යෝජනා භාර ගැනීමේ ආරම්භක දිනයේ සහ නාම යෝජනා භාර ගැනීම අවසන් වන දිනයේ පෙළපාලි යාම් සහ කණ්ඩායම් වශයෙන් හැසිරීම සපුරා තහනම් බවය.

 

පාර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් 14 දින පැවැත්වෙන අතර අභිනව පාර්ලිමේන්තුව 2024 නොවැම්බර් මස 21 දින රැස්වීමට නියමිත ය.

 

 

 

marrikkar

නවතම ලිපි