SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ  සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ

පුත් දහම් සිරිසේන  අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්ව ඇත.

 

ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය. 

 

ඊයේ (02) දිනයේදී හිටපු අමාත්‍ය චන්න ජයසුමන සහ හිටපු අමාත්‍යවරයෙකු වූ රොෂාන් රණසිංහ දිලිත් ගේ මව්බිම ජනතා පක්ෂය සමග එක්ව තිබුණි.

 

ජනාධිපතිවරණය අවසන් වූ වහාම හිටපු අමාත්‍ය දිලුම් අමුණුගමද මව්බිම ජනතා පක්ෂය සමග එක්ව මහනුවර සංවිධායක ධූරතයට පත්කර තිබුණි.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත්කෙරුණි.

 

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ගේ පුත්‍රයා වන දහම් සිරිසේන පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත්කර ඇත.

 

මේ අතර චමිඳු කුමාරසිංහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සම්බන්ධීකාරක ලෙසත්, තක්ෂිල ප්‍රේමසිරි මහනුවර, උඩුනුවර සංවිධායකවරයා ලෙසත් පත්කර ඇත.

 

සංජීව සුරවීර මහනුවර, හේවාහැට සංවිධායකවරයා ලෙසත් තක්ෂිලා සෙනෙවිරත්න මහනුවර, යටිනුවර සංවිධායක ලෙසත් තුසිත තිලංක ජයසිංහ රත්ගම සංවිධායකවරයා ලෙසත් පත්කර ඇත.

 

marrikkar

නවතම ලිපි