SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෙට්‍රල් ලීටරයක් සඳහා බදු ඉවත්කළ පසු රුපියල් 120ට වෙළඳපොළට නිකුත් කළ හැකි බවට

තමන් විසින් ප්‍රකාශයක් කර නැතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

 

 

එවන් ප්‍රකාශයක් තමන් කළේ යයි කිසිවකු පවසන්නේ නම් අදාළ වීඩියෝව ප‍්‍රසිද්ධ කරන්නයි අභියෝග කරන බවද ඔහු කියා සිටී.

 

 

තමන් විසින් කලා යැයි පැවසෙන එකී ප්‍රකාශය පදනම් කරගෙන විවිධ අසත්‍ය ප්‍රවෘත්ති මේ වන විට නිර්මාණය වෙමින් ඇති බවත් එවන් ප්‍රකාශයක් තමන් විසින් සිදු කර නොමැති බවත් ඒ බව තමන් වගකීමෙන් කියා සිටින බවද ඔහු සඳහන් කරයි.

 

සමාජ ජාල වල හුවමාරු වන වාර්තාවේ සටහන් වන්නේ බදු ඉවත් කළ පසු පෙට්‍රල් ලීටරයක් රුපියල් 120ට ලබා දිය හැකි බවත් තම පාලනයක් යටතේ වසරක් යනතුරු ජනතාවට සහනයක් ලෙස එම මිලට ලබා දෙන බවත්ය. පෙට්‍රල් ලීටරයකින් බදු ගසන මුදල කංචන විජේසේකර හිටපු අමාත්‍යවරයාගේ සාක්කුවට ගිය බවද එම සටහනේ දැක්වෙයි.

marrikkar

නවතම ලිපි