ව්‍යාපාරික ධම්මික පෙරේරා හේලීස් පීඑල්සී හි සම සභාපතිවරයා සහ
විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවත වතාවක් පත් කර තිබේ.
ඒ අනුව ධම්මික පෙරේරාගේ පත්වීම අද (01) දින සිට බලාත්මක බව හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ කොළඹ කොටස් වෙළඳපොළට දැනුම්දී ඇත.
මීට පෙර ද හේලීස් සමූහයේ සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ධම්මික පෙරේරා 2022 ජූනි 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරුවලින් ඉවත්වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දී තිබුණි.