ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි
අමාත්‍යවරයෙක් ලෙස පත්නොවීම සම්බන්ධව බොහෝ දෙනාගේ අවදානය යොමුවූ අතර, ඊට හේතුව සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් බව වාර්තා වේ.
ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක පත්වීමෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී දුරට ලක්ෂ්මන් නිපුන ආරච්චිව පත් කෙරුනද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ඔහුට මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමේ අවස්ථාව අහිමි විය.
පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරයකුට අමාත්‍ය දුර ලබාගත හැකි යැයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පවසා තිබුණද නීතිපතිවරයා ඊට එකඟ වී නැතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මේ බව නිවැරදිව දැනුම් දුන්නේ නම් ජනාධිපතිවරයා මන්ත්‍රීවරයාගේ දිව්රුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව විචාරකයින්ගේ මතයයි.
කෙසේ වුවද මේ වනවිට තිදෙනෙකුගෙන් යුත් ලංකා ඉතිහාසයේ ඉතා කුඩා කැබිනට් මණ්ඩලයකින් අමාත්‍යාංශ ගණනාවක් පාලනය කෙරෙමින් පවතී.