SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර

භාවිතා කිරීමට සුදුසුකම් නොමැති බවත් විදේශගත වීමට අවශ්‍ය නම් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ලබා ගත යුතු බවත් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර ඊයේ ප්‍රකාශ කළාය.

 

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර, දීමනා, රක්ෂණ ක්‍රම, දුරකථන දීමනා ආදී වරප්‍රසාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි නොවන බව ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කළාය.

 

 

කෙසේ වෙතත් මහ මැතිවරණය අවසන් වනතුරු මාදිවෙල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරුන්ට වෙන්කර ඇති නිවාසවල හිටපු මන්ත්‍රීවරුන්ට පදිංචිවීමට අවසර ලබාදී ඇති බව ඇය සඳහන් කළාය.

 

කථානායක, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාගේ කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුවෙන් ලබාදුන් වාහන ආපසු භාරදී ඇති බවත් දූෂණ මර්දන පනතට අනුව එය අනිවාර්ය බවත් ඇය ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවාය.

 

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් හැර අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන්ට, මන්ත්‍රීවරුන් සඳහා ලබාදී ඇති රිවෝල්වර ආපසු ලබා දෙන ලෙස දන්වා ඇති බවයි.

 

පෞද්ගලික ගිනි අවි මිලදී ගත් මන්ත්‍රීවරුන්ට බලපත්‍රයේ කොන්දේසිවලට යටත්ව ඒවා ළඟ තබාගත හැකි බවද ඔහු පැවසීය.

නවතම ලිපි