මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් තමන් සමඟ මැතිවරණ සන්ධානගත වීමේ එක කොන්දේසියක් ලෙස
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගය (SJB) අවධාරණය කරයි.
පසුගියදා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නිවේදනය කළේ මීළඟ මැතිවරණයට තමා තරඟ නොකරන බවය. ඒ ජනාධිපතිවරණ මැතිවරණයේදී බලයේ සිටි නායකත්වයේ ඡන්ද ප්‍රතිශතය සියයට 17ක් වැනි ප්‍රතිශතයකට ලක්ව තිබූ මොහොතකය.
කෙසේ වුවද ඉන් අනතුරුව කතාබහක්ව පැවතියේ සමගි ජන බලවේගය හා එක්ව එක්සත් ජාතික පක්ෂය මීළඟ මැතිවරණයට තරඟ කිරීමට සන්දානගතවීමේ යෝජනාවය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය එජාපයට යනවාට වඩා සියලුම එජාප පාක්ෂිකයන් සජබය සමග එක්විය යුතු බවය.
“පක්ෂ නායක වික්‍රමසිංහට නයකත්වය දීමට කැමති කිහිප දෙනෙකුට පාක්ෂිකයින් අතලොස්සක් සමඟ සිරිකොතේ සිටීමට ඉඩ දී අනෙක් අය අප සමඟ එකතු විය යුතුයි. UNP කාරයින්ට දැන් හොදම තැන SJB එක. ඒ වගේම වත්මන් නායක රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වෙලා එජාපය අපට භාර දෙනවා නම් අපි එජාපය භාරගන්න සූදානම්. නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස අපි වික්‍රමසිංහ මහතාට කිහිප වතාවක්ම කීවත් ඔහු ඒ ඉල්ලීම ගණන් ගත්තේ නෑ. රනිල් වික්‍රමසිංහ ගියොත් එජාපය භාරගන්න අපි කැමැත්තෙන් ඉන්නවා, නමුත් ඒක අපිට දෙයිද කියලා අපිට සැකයි,”
කෙසේ වෙතත්, බිම් මට්ටමේ සිට තවදුරටත් නායකත්වයේ රැඳී සිටින ලෙස සුළුතර පාක්ෂිකයන් සංඛ්‍යාවක් හිමිව ඇති රනිල් වික්‍රමසිංහ ට යෝජනා ලබා ගැනීමේ ක්‍රියාවලියක් දැනටමත් ආරම්භ වී ඇත. මෙය සති අන්තයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ අදහස වූයේ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවා ගැනීම හොඳම විකල්පය බවයි.
“මහ මැතිවරණයට පොදු බලවේගයක් ලෙස තරඟ කිරීමට විරුද්ධ පක්ෂ අතර සම්මුතියක් ඇති කළ හැකිද යන්න අපි බලනවා. පොදු විපක්ෂ සන්ධානයක් හැදීම මේ මොහොතේ තිබෙන හොඳම විකල්පයයි, අපි ඒක කරගෙන යනවා.
දශක හතකට පසු පළමු වතාවට බලය තහවුරු කර ගැනීමට ප්‍රධාන විපක්ෂය අසමත් වෙලා තියෙනවා. දැන් තියෙන හොඳම විකල්පය වෙන්නේ එවැනි තත්ත්වයක් තුළ පොදු සන්ධානයක් ගොඩනැගීමයි. අපි බලනවා මේ ඉලක්කය ජයගන්න පුළුවන්ද කියලා, ඉන්පස්සෙ අපි මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ කොහොමද කියලා දැනුම් දෙනවා”.
කෙසේ වුවද මෙවර මැතිවරණයට තරඟ නොකරන බව කියූ හිටපු ජනාධිපතිවරයා යළිත් වතාවක් විපක්ෂ නායකකම ගැනීම වෙනුවෙන් බලා සිටිනවා යයි ද, ඔහුට ඇත්තේ තවමත් සජිත් ප්‍රේමදාස සමග තරඟයක් බවත් පක්ෂ හිතවතුන්ගේ මතය වී ඇත.