ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව නතරකරන බවට ජනාධිපතිවරයා දැනුම්දුන් බව
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් හඬ නැගූ මව්පියෝ පැවසූහ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුවට විසඳුමක් ඉල්ලා මව්පියන් පිරිසක් ඊයේ (30) දවස පුරා බත්තරමුල්ලේදී සහ කොළඹදී විරෝධතාවල නිරත වූහ.
අධ්‍යාපන අමාත්‍යාශයෙන් ඔවුන්ට ලබාදී තිබූ පිළිතුර වන්නේ ප්‍රශ්න පත්‍රයේ අදාළ ප්‍රශ්න තුනට සම්පූර්ණ ලකුණු ලබාදෙන බවය. නැවත විභාගය පැවැත්විය යුතු නැති බව ඒ වෙනුවෙන් අමාත්‍යාංශය පත්කළ කමිටුවේ පිළිතුර වී තිබුණි.
එහෙත් ඉන් සෑහීමකට පත් නොවූ දෙමාපියන් ජනාධිපති කාර්යාලය වෙත ලොස් ජනාධිපතිවරයාව හමු වී ඇත.
එහිදී ඔවුන් පවසා ඇත්තේ, පළමු පත්‍රය නැවත පවත්වන ලෙසය.
ඊයේ (30) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම තීරණය තමන්ට දැනුම්දුන් බව ඔවුන් වැඩිදුරටත් පැවසීය.
පසුව ඔවුන් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ද රැඳී සිටිමින් විරෝධතාවේ නිරත වූ අතර, එහිදී මව්පියන් හය දෙනෙකුට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට හිමිව ඇත.
එම සාකච්ඡාවෙන් අනතුරුව මව්පියන් මෙසේ අදහස් දැක්වූහ.
"එතුමා කියනවා කිව්වා උත්තර ප්‍රශ්න පරීක්ෂාව නතර කරනවා කියලා. අපි ඉල්ලීමක් කළා පළමු පත්‍රය තියන්න.
අපේ සටන ජයග්‍රහණය කරා කියලා අද දවසේ සතුටු වෙන්න පුළුවන්".