ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට යුගයේ අවශ්‍යතාවය සලකා
ජනතාවගේ යහපත වෙනුවෙන් තරග කිරීමට තමන් සූදානම් බව ජනප්‍රිය රංගන ශිල්පී කමල් අද්දරආරච්චි පවසයි.
තමන්ට ඊට හැකියාව මෙන්ම සුදුසුකම් ද ඇති බවත් තම රසික රසිකාවන් රට පුරා සිටින බවත් ඔහු කියයි.
ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නැයි තමන්ගෙන් ඉල්ලීමක් කළහොත් ඕනෑම පළාතකින් ඊට ඉදිරිපත් වීමට හැකි බව කියන කමල් අද්දරආරච්චි ජනතාවගේ යහපත වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දිය යුතු බවද කියා සිටියි.
(ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ කමල්ගේ රෝහණ විජේවීර භූමිකාව ..)