SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහ මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමේ බලපත්‍රයට

ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව  මැතිවරණ කොමිසම පවසයි.

 

 

ඒ සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන රුපියල් බිලියන 11ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා මෙලෙස කටයුතු කර ඇතැයි එම කොමිෂන් සභාවේදී පැවති මාධ්‍ය හමුවකදී කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඊයේ (29) පැවසුවේය.

 

 

 “ඔක්තෝබර් මස 4 වන දින සිට 11 වන දින මධ්‍යහ්න 12:00 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදුකරනු ලබනවා.

 

ඊට අදාළ ඇප මුදල් භාරගැනීම නොවැම්බර් 11 වන දා මධ්‍යහ්න 12:00 දක්වායි තියෙන්නේ.

 

ඇප මුදල් තැන්පත් කිරීම අවශ්‍ය වන්නේ ස්වාධීන කණ්ඩායම් පමණයි. එක් එක් දිස්ත්‍රික්කයට තරග කළ යුතු අපේක්ෂකයන් සංඛ්‍යාවට අදාළ නිවේදනය නිකුත් කළා.

 

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් මස පළමු වන දා සිට ඔක්තෝබර් මස අට වන දා දක්වා සිදුකරනු ලබනවා.

 

අදාළ කාලයේදී තැපැල් ඡන්ද අයැදුම්පත් සියලු ම තැපැල් ඡන්දදායකයන් ආයතන ප්‍රධානියාගෙන් සහතික කරගෙන දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියා වෙත ලැබීමට සලස්වන ලෙස ඉල්ලනවා.

 

මැතිවරණය සඳහා අපි කලින් ඉල්ලුම් කරලා තියෙන ප්‍රමාණය මේ වන විට අවශ්‍යවන බිලියන 11ක ඇස්තමේන්තුවක් තමයි තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රමාණයට අදාළව වරම් බලපත්‍රය ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව වාර්තා වෙනවා.”

 

නවතම ලිපි