මහ කන්නයේ වී ගොවීන් සඳහා රුපියල් 25,000ක දීමනාවක් හා
ධීවර ප‍්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවනු ලැබ ඇත.
මහ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේ මෙවැනි සහනාධාරයක් ලබා දීමට තීන්දු කිරීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත්තේ යැයි මැතිවරණ කොමිසමේ සාමාජික එම්.ඒ.පී.සී. පෙරේරා පවසයි.
ඒ අනුව, අදාළ රාජ්‍ය ප‍්‍රතිපත්තිමය තීන්දු මහ මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දෙන්නේ යැයි ද ඔහු පැවසුවේ ය.
මැතිවරණ කොමිසම පසුගිය සෙනසුරාදා රැස් වූ අවස්ථාවේ මෙම තීන්දුව ගෙන ඇත.
මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමටත්, ධීවර ප‍්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහ භාණ්ඩාගාරය වෙත උපදෙස් දුන්නේ පසුගිය 26 වන දා ය.
ඒ අනුව, මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000ක පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000 දක්වා වැඩිවීමටත් බහුදින හා එක්දින යාත‍්‍රා සඳහා මාසික පදනමින් මෙම ඉන්ධන සහනාධාරය ලබා දීමටත් නියමිතව තිබිණි.
ඒ අනුව රජය පවසා තිබුණේ නව රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අනුව වැඩි කළ මෙම සහනාධාර හෙට (ඔක්. 1) සිට ක්‍රියාත්මක කරන බවය.