SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා - නවසීලන්තය අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ

ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

 

 

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2 ට 0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

 

සිව්වැනි දිනය සඳහා අද (29) තරගය ආරම්භ කරනවිට නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබාගෙන සිටියේය.

 

නවසීලන්ත ලකුණු පුවරුවට තවත් ලකුණු 17ක් එක් වනවිට ලකුණු 60ක් ලබාගෙන සිටි ටොම් බ්ලන්ඩෙල්ව දවා ගන්නට නිෂාන් පිරීස් සමත්වුණි.

 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නට හිසරදයක් වු ග්ලෙන් පිලිප්ස් ලකුණු 78ක් ලබා ගත්තේය.

 

නමුත් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන නිෂාන් පිරීස් විසින් පිලිප්ස්ගේ කඩුල්ල දවා ගනිමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

 

ඔහු වාර්තා අතරට එක් වුණේ මංගල ටෙස්ට් තරගයේ කඩුලු 5ක් දවා ගත් 7වැනි ක්‍රිඩකයා ලෙසටය.

 

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවි ලකුණු 602ක් රැස්කර ගත් අතර නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 88ක් පමණි.

 

ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 514ක් ලබා ගත යුතු වූ නවසීලන්තය කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 386ක් පමණි.

 

නිෂාන් පිරීස් කඩුලු 6ක් සහ ප්‍රබාත් ජයසූරිය කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

 

 

@derana

 

නවතම ලිපි