SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව ඊයේ (28) මධ්‍යම රාත්‍රී නිකුත් කිරීමට කටයතු කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

 

 

විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk  යන වෙබ් අඩවිවලින් ලබාගත හැක.

 

 

මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් කිරීමට අපේක්ෂා කරන්නේ නම් පහත සඳහන් ක්ෂණික දුරකථන අංක 1911 හෝ 011 2 785 922, 0112 786 616, 011 2 784 208 හෝ 011 2 784 537 අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

 

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම සඳහා වන අයදුම්පත් ඔක්තෝබර් 1 සිට ඔක්තෝබර් 14 දක්වා භාරගනු ලැබේ.

 

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටි අතර, ඒ අතරට පාසල් අයදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331ක් ඇතුළත් ය. 

 

විභාගය මැයි 6 සිට මැයි 15 දක්වා මධ්‍යස්ථාන 3,527 ක විභාග පැවැත්විණි.

 

නවතම ලිපි