SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සාර්ථක රාජ්‍යයක් සඳහා කැපවීම මිස රට කඩා වැට්ටවීමේ අපේක්ෂාවක් තම කඳවුරට නොමැති බව

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

 

 

ඒ ඒ අනන්‍ය දේශපාලන රටාවන් සහ ප්‍රතිපත්තීන් මත පිහිටමින්, රටේ අභිවෘද්ධිය උදෙසා සහාය ලබා දීමේ වගකීම සජබය නොපිරිහෙලා ඉටු කරන්නේ මෙරට දෙවැනි වැඩිම ඡන්ද ලැබූ පක්ෂය ලෙසින් බව තමා  විසින් නායකත්වය ලබා දෙන කොලොන්නාව ආසනයේ ජනතාව වෙත, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ස්තුතිය පල කිරීම සඳහා, ඊයේ (28) පැවති සුහද හමුව අවස්ථාවේදී පැවසුවේ ය.

 

WhatsApp Image 2024 09 29 at 00.45.061

 

 

- සතුටුයි...! පත් වූ ජනපති මෙතෙක් කළ බොහෝ දේ සජබ ය විසින් මැතිවරණයට පෙර සිට යෝජනා කළා...

- රට වට්ටන්න සිතා අපි දේශපාලනය කරන්නේ නෑ....

- අරමුණ රට ගොඩනැගීම නම් සජබ සහාය සහතිකයි.

 

 WhatsApp Image 2024 09 29 at 00.45.07

 

 

එක් පසෙකින් නව ජනාධිපතිවරයෙක් සහ නව කැබිනට් මණ්ඩලයක් පත්ව, තවත් පසෙකින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්ව ඇති මොහොතක සමගි ජන බලවේගය බලාපොරොත්තු වන්නේ ජයග්‍රහණයයි.

 

ජනතාව ඉල්ලා සිටින්නේ වෙනස් දේශපාලන සංස්කෘතියක් බවත්, ඊට අනුගතව අලුත් රටක් ගොඩනැගීම සඳහා සහාය ලබා දිය යුතුයි.

 

 

විය යුත්තේ රට කඩා වැට්ටීම හෝ විනාශ කිරීම නොව සියලු දෙනා එක්ව රට දිනවීම බවත් මරික්කාර අවධාරණය කරයි. සෑම පාර්ශවයකගේම ප්‍රතිපත්තිය විය යුත්තේ රට දිනවීම බවත් මැතිවරණ ව්‍යාපාරයක් අරබයා හෝ එම ප්‍රතිපත්තියට ප්‍රතිවිරුද්ධ  පාර්ශවයන් සමග එක් නොවිය යුතු බවත් ඔහු  වැඩිදුරටත්  පැවසීය.

 

 WhatsApp Image 2024 09 29 at 00.45.072

 

 

වැල්ලම්පිටිය, කිත්තම්පහුව, සැනොවින් උත්සව ශාලාවේ පැවති මෙම සුහද හමුව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියේ නව ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳවයි. ඊට ප්‍රතිචාර දක්වමින් මරික්කාර් පවසන්නේ එතුමා පත් වූ අලුත් ධුරයේ සිට මෙතෙක් ක්‍රියාත්මක කළ බොහෝ දේ සජබ විසින් පසුගිය මැතිවරණ සමයේ ප්‍රකාශ කෙරුණු කරුණු හා සමාන බැවින් තමා ඒ පිළිබඳ සතුටු වන බවයි.

 

ජනාධිපතිවරයා මෙන්ම තමා ද, තම පක්ෂය ද බලාපොරොත්තු වන්නේ ශක්තිමත් ලෙස රට ගොඩනැගීමයි. එහිදී ජනතාවාදීව හා අනාගතවාදීව, යහපත් පියවර සඳහා සහාය වීමටත්, අඩුපාඩු පෙන්වා දීමටත්, වැරදී දේට විරුද්ධවීමටත් තම පක්ෂය කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, එස්. එම්. මරික්කාර් සඳහන් කරයි. එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකවරයාගේ සහභාගිත්වයෙන් පැවති කොලොන්නාව ආසනයේ මෙම සුහද හමුව සඳහා, එම මැතිවරණ බලප්‍රදේශය නියෝජනය කරන සජබ ප්‍රාදේශීය දේශපාලකයන් මෙන්ම ප්‍රදේශවාසීන් ද  එක්ව සිටියහ.

 

 

WhatsApp Image 2024 09 29 at 00.45.071

 

@මාධ්‍ය ඒකකය

 

 

නවතම ලිපි