SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නව රජය විසින් විදෙස් ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත

අනුමැතිය ලබා දීමට කමිටුවක් පත්කර ඇතැයි වාර්තා වේ.

 

 

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර ගමට මුදල් යෑමේ ක්‍රමවේදය කඩිනමින් ස්ථාපිත කිරීමේ වැදගත්කම එහිදී  ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර තිබේ.

 

 

ඒ අනුව ඒ තුළින් ග්‍රාමීය ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කළ හැකි බව තම  නිලධාරීන් සමඟ අද (26) පැවති සාකච්ඡාවකට එක්වූ  ජනාධිපතිවරයා  සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

විදුලිබල අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ සහ විදෙස් ණය යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කඩිනම් කිරීමේ  අවශ්‍යතාවයද මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා විදෙස් ආධාර මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබා දීමට කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබේ.

 

එම කමිටුව හරහා විදෙස් ආධාර මත සිදු කරන ව්‍යාපෘති කඩිනම් කිරීමට හැකියාව ලැබෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

marrikkar

නවතම ලිපි