SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය දින කෝට්ටේ ආසන සංවිධායක ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නාවල පක්ෂ කාර්යාලයේ පැවැති

ඡන්ද පොළ නියෝජිතයන්ගේ රැස්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇතැයි මව්රට වෙබ් අඩවිය වාර්තා කරයි.

 

 

එහි සඳහන් වූයේ මෙසේය.

 

“හර්ෂ ද සිල්වා මහතා විසින් මෙවර මහමැතිවරණයේදී එජාපයත් සමග ඩීල් එකක් දමා සජබය සහ එජාපය එක්ව මහමැතිවරණයට තරග කරන බවට කළ දැනුම් දීමත් සමගිනි.

 

125 දෙනකු පමණ සහභාගී වී සිටි මෙම රැස්වීමේදී සිය කතාව ආරම්භ කරමින් හර්ෂ ද සිල්වා මහතා මෙම කතාව පැවසීමත් සමග රැස්ව සිටි සියලු දෙනාම පාහේ හර්ෂ ද සිල්වා මහතාට එරෙහිව දැඩි ලෙස කෑ කෝ ගැසීමට පටන් ගෙන තිබේ.

 

මෙහිදී ඩීල් කතාව පැවසීමත් සමග රැස්ව සිටි පිරිස ‘සජිත්ට අත තියන්න එන්න එපා…’ යැයි කියමින් හර්ෂ ද සිල්වා මහතාට දෙස්දෙවොල් තැබීමට පියවර ගනෙ තිබේ.

 

‘ඔයගොල්ලො UNP එකත් එක්ක ඩීල් දාලා තමයි ජනාධිපතිවරණයත් සජිත් මහත්තයා පැරදුණේ. තවත් ලැජ්ජ නැතිව UNP එකත් එක්ක ඩීල් දාන්න ලෑස්ති වෙන්න එපා. අපි ඒවට එන්නෙ නෑ.’ යනුවෙන් ඡන්ද පොළ නියෝජිතයන් කෑ ගසද්දී හර්ෂ ‘නෑ.. නෑ.. නෑ.. ඩීල් දාන්නෙ නෑ ..’ යනුවෙන් පවසමින් පිරිස අස්වසාලීමට කටයුතු කර තිබේ.

 

‘අපි රනිල් එක්ක ඩීල් දාන්නේ නෑ.. අපි ඩීල් එකක් දාන්නේ රුවන් විජයවර්ධන එක්ක. එයා තමයි අපිත් එක්ක ඩීල් එක යන්නේ..’ යැයි කියමින් පිරිස සන්සුන් කිරීමට උත්සාහ කළද රැස්ව සිටි සියලු දෙනා එක හඩින් කියා ඇත්තේ ‘ඕකුන් තමයි සජිත් මහත්තයාව එකතු වෙලා පැරැද්දුවේ. ඕකුන් එක්ක මොන ඩීල්ද? කෝට්ටේ ආසනයත් මේ පාර තුන්වැනි තැනට වැටුණේ ඔය ඩීල් නිසා තමයි” යැයි කියාය.

 

එහිදී පසුපස සිටි ඇතැමුන් මාධ්‍යයේ පළ කළ නොහැකි පරුෂ වචනයෙන් පවා මෙහිදී කෑ කෝ ගසා ඇති බව දැනගන්නට තිබේ.

 

මේ ආකාරයට පිරිස දැඩි ස්වරයෙන් යුතුව අදහස් දක්වද්දී බැරිම තැන හර්ෂ ද සිල්වා මහතා කියා ඇත්තේ ‘මම මෙම රැස්වීම මෙතනින් අවසන් කරනවා’ යැයි කියාය.

 

එසේ කියා ඇති හර්ෂ ද සිල්වා මහතා වහාම රැස්වීම අවසන් කොට සිය කාර්යාලයේ ඉහළ මාලයට ගොස් ඇති බව දැනගන්නට තිබේ”.

 

හර්ෂගේ කෝට්ටේ ඡන්ද ප්‍රතිපලය

අනුර කුමාර දිසානායක ඡන්ද 25,123

රනිල් වික්‍රමසිංහ – 13,725
සජිත් ප්‍රේමදාස – 11,979
දිලිත් ජයවීර – 1,312
නාමල් රාජපක්ෂ – 1,239

 

@Mawratanews.lk

marrikkar

නවතම ලිපි