SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ එක් නොවන බව

සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙකු පවසා ඇත.

 

 

ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගය සමඟ එක්සත් ජාතික පක්ෂය එක් වනවා මිස, සමගි ජන බලවේගය ගොස් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට අවශ්‍යතාවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.

 

 

ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගය ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 45 ක් ගෙන ඇති බව අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

 

 

ඒ අනුව ඔවුන් අපි ළඟට පැමිණෙනවා මිස, සජබ ඔවුන් ළඟට යාමේ අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

මේ අතර සමගි ජන බලවේගයේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු අප කළ විමසුමක දී පැවසූවේ රනිල් වික්‍රමසිංහට අවංක උවමනාවක් ඇත්නම් “සජිත් එන්න ඔයා ඇවිත් යූඇන්පීයේ නායකත්වය බාරගන්න” යැයි පැවසිය යුතු බවත්, ඔහු මේ කරන්නේ සුපුරුදු සෙල්ලම බවත් ය.

 

 

 ඒ අනුව මහ මැතිවරණයේදී තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය (SJB) පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තීරණය කර ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේය.