SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට මේ වන විට දැඩි ණය අර්බුදයකට පත්ව සිටින බවත්,  පසුගිය මාස විසි හයක කාලයකදී ලබාගන්න ලද දේශීය ණය ප‍්‍රමාණය සැලකීමේදී

දෛනිකව රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ජනතාව ණයකරුවන් කර ඇති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කර ඇත.

 

 

 “සෑම මාසයක් තුළම මේ රටේ ජනතාව රුපියල් බිලියන 196ක වගේ ප්‍රමාණයකින් ණයකරුවන් බවට පත්කරනවා. සෑම දිනකම ගත්තහම රුපියල් බිලියන 6.5ක වගේ අපි ණය වෙනවා. මේ වගේ ණය සම්බන්ධව දැඩි අර්බුදකාරී තත්ත්වයක තමයි  ලංකාව මේ වෙද්දි පත්වෙලා තියෙන්නේ.

 

ඒත් එක්කම රටේ උද්ධමනය 2021ට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල ගණන් 106%කින් පමණ වැඩිවෙලා. අපේ ආහාර කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවන් හි මිල ගණන් 138%කින් පමණ වැඩිවෙලා. ඒ අනුව ඉතාම ඉහළ මිල තලයක තමා අපි ජීවත් වෙන්නේ.

 

මේ පසුබිම තුළ පවතින ආර්ථික තත්ත්වය ගැන අපිට කිසි‍සේත් සෑහීමකට පත්වෙන්න පුළුවන් කමක් නෑ. බලයට පත්වූ ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා මේ කියන තත්ත්වයන් නිවැරදිව තේරුම් ගෙන යම් ආකාරයකට ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන්න ඕනේ.

 

ඒක සමහර විට ඉතාම කෙටි කාලයක් තුළ යම් යම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ට ඕනේ. ඒ තුළින් ජනතාවට ආර්ථික වශයෙන් නැඟී සිටින්න අවශ්‍ය පසුතලය නිර්මාණය කරන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ.”

 

 

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හැකිතරම් ණය ලබාගැනීම් අවම කර ගැනීමත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දෙස් විදෙස් ණය අසීමාන්තිකව ලබාගනිමින් පාලන කාලය ගෙනගොස් ඇති බවත් සංඛ්‍යාලේඛන වලින් තහවුරු වෙමින් ඇත.

නවතම ලිපි