SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මැතිවරණයට වෙන්ව ඉදිරිපත් වීමේ ප්‍රතිවිපාක පෙනෙන බවත් ඉදිරි මැතිවරණයේදී

එක්වී මැතිවරණයට මුහුණ දීමේ අවශ්‍යතාව පවතින බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

 

අද (24) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා ඇත.

 

 

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ එය සිදුවිය යුතු බව ඔහු එහිදී ප්‍රකාශ කරන ලද අතර ඉදිරි  මැතිවරණයට තරඟ නොකිරීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.

 

 

ප්‍රභූ දේශපාලනය අර්බූධයට යමින් ඇති වටපිටාවක යළි එක්වී තරඟ කරමින් ආණ්ඩු බලය ලබාගැනීමට දක්ෂිනාංෂික කඳවුර තීරණය කරමින් සිටින බව විශ්ලේෂකයින්ගේ මතය වී ඇත.

 

 

මේ අතර අද(24)  රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවයා තීරණය කර ඇති බව ජාතික ජන බලවේගයේ පක්ෂ ආංචිමාර්ග පවසයි.

නවතම ලිපි