SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමග කටයුතු කිරීමට

අපේක්ෂාවෙන් පසුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙක් පැවසීය.

 


විශේෂයෙන්ම 2022 ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලබාගත් ආර්ථික ප්‍රගතිය පවත්වා ගෙන යාමට එමගින් හැකිවෙතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.  


 
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ තෙවැනි සමාලෝචනය කළ යුතු කාලය සම්බන්ධයෙන් නව පාලනය සමග සාකච්ඡා කරන බවද සඳහන් ය.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් 2023 වසරේදී ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් සැපයීය. එය මාස 48ක වැඩසටහනකි.