SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි විසින් නව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුභ පැතුම් එක්කර ඇත.

 

 අභිනව ජනාධිපති අනුර කුමාර දිසානයක මැතිතුමාට අපගේ සුබ පැතුම් හා අශිර්වාදය

 

නිදහසෙන් පසු ප්‍රථම වතාවට සාමාන්‍ය ජනතාව අතරින් බලයට පත් වූ නායකයා ලෙස සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන බලවේග බිමට සමතලා කරමින්  ශ්‍රී ලංකාවේ නමවන ජනාධිපති වරයා ලෙස ජනාධිපතිධුරයට පත් වීම ඓතිහාසික ජයග්‍රහනයකි. විශේෂයෙන්ම 1977 න් පසුව දියත් කළ දේශපාලනය මගින් අපේ රටේ පැවති ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් අපට අහිමි කරන ලදී. දේශපාලකයින්ගේ වැරදී තීරණ නිසා වසර තිහක යුද්ධයකට හිර වී ලේ කදුලු වගුරවන්නට සිදු විය, යලිත් මෙවැනි වාතාවරනයක් ඇති නොවී ගෞරවාන්විත අභිමානවත් දේශයක් ගොඩනැගීමේ වගකීම ජනතාව විසින් ඔබ වෙත පවරා ඇත.

 

 

රතන අනුර ලිපිය

නවතම ලිපි