SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආචාර්ය නන්දික සනත් කුමනායක ජනාධිපති ලේකම් ධූරයට!

 

ආචාර්ය නන්දික සනත් කුමනායක ජනාධිපති ලේකම් ලෙස පත්කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා රේගුවේ Integrity Development Advisor ලෙස ද කටයුතු කළ අයෙකි. 

ආචාර්ය නන්දික සනත් කුමනායක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ (Phd)උපාධිධරයෙක් වන අතර ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.

 

 

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවි සෙනවිරත්න…

 

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා පත් කර තිබේ.

 

 

නව ආරක්ෂක ලේකම් පත් කරයි

 

මේ අතර නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත පත් කර ඇත.

 

ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ, ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසා සිටියේ, පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නියමිත බවය.

නව ඇමති මණ්ඩලය පත්කිරීමෙන් අනතුරුව එම තීරණය ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

හිස්වන අසුන ලක්ෂ්මන් නිපුනආරච්චිට

 

මේ අතර ජනාධිපති අනුර දිසානායක තම පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනින් ඉල්ලා අස්වූ අතර හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේග මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින ලක්ෂ්මන් නිපුනආරච්චි පත්කිරීමට නියමිතව තිබේ.

 

 

අගමැති පත්කර භාරකාර කැබිනට්ටුව නම්කර පාර්ලිමේන්තුව විසුරුවයි.

 

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ශ‍්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

ඇයත් සමග සිව් දෙනකුගේ කැබිනට් මණ්ඩලයක් මැතිවරණය පවත්වන තෙක් භාරකාර රජයේ කැබිනට් මණ්ඩලය ලෙස දිවුරුම් දීමට කටයුතු සංවිධානය වෙමින් ඇත.

 

වත්මන් පාර්ලිමේන්තුව අද දිනයේ දී  නව ජනාධිපති අනුර දිසානායක විසින් විසුරුවීමට බොහෝ දුරට ඉඩ ඇත.

නවතම ලිපි