SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද දිනයේදී අභිනව ජනාධිපතිවරයා වශයෙන්  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දිව්රුම් දීමට නියමිතය.

මේ අතරේ අද දිව්රුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට මේ වෙද්දි තියෙන්නේ ප්‍රසිද්ධ රහසක්.

 

 

ඒ කොහොම උනත් අපි මේ කියන්නට  යන්නේ දැනට තිබෙන පාර්ලිමේන්තුව විසුරුවද්දි අග්‍රාමාත්‍යවරයාද ධුරයෙන් ඉවත්වන නිසා පත්කරන්නට යන නව අගමැතිවරයෙක් ගැනයි.

 

 

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සහෝදරයගෙන් පක්ෂයේ හිටපු සහෝදරයෙක් ඇහුවලු  නව අගමැතිවරයා විදිහට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තුරු ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාව පත්කරන්නට යනව කියන කසු කුසුවක් ගැන.

 

 

ඔන්න ඒ වෙලාවෙ ටිල්වින් සහෝදරයා ඒ අහපු කතාව ප්‍රතික්ෂේප කළේවත්, අදහසක් ප්‍රකාශ කළේවත් නැතිව නිහඩව උන්නලු.

 

කොහොම උනත් මැතිවරණ සටන පවතින කාලය තුළත් සුමන්තිරන් මන්ත්‍රීවරයා අනුර කුමාර දිසානායක වෙනුවෙන් පෙනී හිටියලු.

 

 

ඒ විතරක් නෙවෙයි ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙන මුල් කාලයේම ඔහු නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායකට සුභ පැතුම් එක්කරලත් තිබුන. ඔහු එහිදී කරල  තිබුනු වටිනාම කතාව උනේ, මෙවර ජනාධිපතිවරණයේ දී ජාතිවාදය ඉස්මතු නොකරන සුවිශේෂ ජයග්‍රහණයක් හිමිකරගත් නායකයා  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක බවය.

 

 

ඉති සමහර විට සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරි දින 50 සඳහා අගමැති ලෙස නම් කරන්නත් ඉඩ තියෙනවා.

 

වැදගත් වෙන්නෙ ඒකෙන් ලංකාවෙ ඇතිවන නව දේශපාලන සංස්කෘතිය කියලයි මේ ගැන අපිට කියපු මිතුරා නම් කිව්වෙ.

 

 

ඒක ඇත්ත. කොයිතරම් ඊනියා සංහිදියා කතාකියන රනිල්ලට, රාජිතලට, චන්ද්‍රිකාලට කවදාවත් එවැනි තීරණයක් ගන්න නම් බැරි බව සහතිකයි. මොකද එයාලගෙ තියෙන්නෙ දේශපාලන බලය වෙනුවෙන් හදාගනිපු සංහිඳියා උගුලක් හින්ඳ.

 

 

ඉතිං අද ජනපති අනුර වෙද්දි , අදම හෝ හෙට වෙද්දි අගමැති සුමන්තිරන් කියල හඳුන්වන්නත් ඉඩ තියෙනවාලු.

 

ලු හොඳේ.

මේක ලංකාවනේ.

 

#Gossip

නවතම ලිපි