SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරිවලදී මැතිවරණ නිළධාරීන් නීති කැඩීම නිසා

ජනාධිපතිවරණ පෙත්සමක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය සූදානම් වන බව එම පක්ෂයේ ආරංචිමාර්ග පවසයි.

 

 

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාව විසින් නිලවශයෙන් දෙවන මනාපය ගණනය කිරීම ආරම්භ කරන ලෙස පැවසීමට පෙර ඇතැම් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල ගණන් කිරීමේ නිලධාරීන් විසින් දෙවන මනාපය ගණනය කිරීම සිදු කර ඇතැයි ඔවුන් පවසයි.

 

 

ඒ පිළිබඳව මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

 

කෙසේ වුවද ඒ පිළිබඳව සොයා බැලූ මැතිවරණ කොමිෂන් සභාව එම ගණන් කිරීම් අවලංගු කිරීමට නියෝග නිකුත් කොට තිබුනි.

 

එහෙත් ලැබෙන ආරංචිවලට අනුව සමගි ජන සන්දානය ප්‍රමුඛ පිරිසක් විසින් ජනාධිපතිවරණය සම්බන්ධව පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානම්ව ඇතැයි පැවසේ.

 

 

නවතම ලිපි