SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 ජනාධිපති මැතිවරණයේ මේ වනවිට කිසිදු අපේක්ෂකයෙකු

50% ප්‍රතිශතය ලබාගෙන නොමැති බව වාර්තා වේ.

 

 

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාව විසින් නිලවශයෙන් දෙවන මනාපය ගණනය කිරීම ආරම්භ කිරීමට පැවසීමට පෙර ඇතැම් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල ගණන් කිරීමේ නිලධාරීන් විසින් දෙවන මනාපය ගණනය කිරීම සිදු කර ඇති බවට පැමිණිල්ලක් මැතිවරණ කොමිසම වෙත සමගි ජන සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර  සහ පාඨලී චම්පික රණවක  ප්‍රමුඛ පිරිසක් විසින් සිදුකර තිබේ.

 

 

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානවල නිළධාරීන් රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන බව පවසමින් සමගි ජන සන්දානයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ  එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක අද(22) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

 

 WhatsApp Image 2024 09 22 at 14.38.21

 

පාඨලී පවසන්නේ පළමු වටයේ ගණන් කිරීමේ ප්‍රතිඵලය මේ වනවිට නිකුත් ව ඇති බවත්, ඒ අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පළමු වටයේ ගණන් කිරීම්වල ප්‍රතිපල ලෙස ඡන්ද 5634515ක් ලබාගෙන ඇති බවත්, එය ප්‍රතිශතයක් ලෙස 42.31%ක් වන බවත්, සමගි ජන සන්දානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 4363035ක් බවත්, ප්‍රතිශතයක් ලෙස 32.76%ක් බවත් පවසයි.

 

තුන්වෙනි ස්ථානයේ රැඳී සිටින ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ඡන්ද  2299767ක් ලබා ඇති බවත් ප්‍රතිශතයක් ලෙස එය  17.26ත් බවත් ඔහු පවසයි.

 

හතරවෙනි ස්ථානයේ පසුවන නාමල් රාජපක්ෂ ලබා ඇති ඡන්ද ප්‍රමාණය 342781ක් වන අතර  ප්‍රතිශතයක් ලෙස එය  2.51% කි.

 

ඒ අනුව කිසිම අපේක්ෂකයෙකු සියයට 50 සීමාව ලබාගෙන නොමැති අතර ඒ සඳහා දෙවැනි මනාපය ගණනය කිරීම නිත්‍යනුකූල ප්‍රවේශය බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

 

කෙසේ වුවද ඡන්ද මධ්‍යස්ථාවල ඡන්දය ගණනය කිරීම් නවතා දමා සමහර නිධළාරීන් ගෙවල් බලා යැවීම පිළිබඳවත්,  සිදුවන ක්‍රියාවලියට තම විරෝධය පළකරමින් සමගි ජන සන්දානය මැතිවරණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

 

ඒ පිළිබඳව ඔවුන්  මාධ්‍ය  වෙත දැක්වූ අදහස් පහතින් වේ..

නවතම ලිපි