SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් වශයෙන්

ජ්‍යේෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයකු වන ඇසළ වීරකෝන් ව පත්කිරීමට යෝජනා වී ඇති බවට  වාර්තා පළව ඇත.

 

 

ඇසළ වීරකෝන් යනු සාක් (SAARC) සංවිධානයේ හිටපු මහලේකම්වරයකු වන අතර ඔහු  විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු ප්‍රබල අමාත්‍යාංශ කිහිපයකම ලේකම් ධුර දැරූ අයෙකු වේ.

 

 

එමෙන්ම ඔහු මෙරට අගමැතිවරුන් හත් දෙනෙකු සහ ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ ලේකම්වරයකු වශයෙන් සේවය කළ සුප්‍රකට බ්‍රැඩ්මන් වීරකෝන් ගේ පුත්‍රයා ය.

 

 

ඇසළ වීරකෝන් ජනාධිපති ලේකම් තනතුර සඳහා ඉතාම සුදුස්සෙකු බව ජාතික ජන බලවේගයේ  ඉහළ මට්ටමේ සාකච්ඡාවලදී පිළිගැනීමට ලක්ව ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

 

news source - LNW