SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නව ජනාධිපති ලෙස ජාතික ජන බලවේගයේ නායක  අනුර කුමාර දිසානායක දිව්රුම් දීම අද සවස

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී චාම් ලෙස පැවැත්වෙන උත්සවයකදී සිදු කෙරෙනු ඇති බව පක්ෂ ආරංචිමාර්ග පවසයි.

 

 

මේ වනවිටත් ඡන්ද ප්‍රතිඵල නිල වශයෙන්  නිකුත් වෙමින් පැවතිය ද ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයා 50% ප්‍රතිශතය ඉක්මවා ඇති බවට ඇති තහවුරු කිරීම් මත මෙම උත්සවය යොදා ගැනීමට කටයුතු යොදා ඇත.

 

 

හෙට දවසේ පාර්ලිමේන්තුව විසුරුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව පැවසෙන අතර, නව අග්‍රාමාත්‍යවරියක් පත්කෙරෙන බවද එකී ආරංචිමාර්ගවලින්  වැඩිදුරටත් පැවසේ.