මැතිවරණ කොමිෂන් සභාව විසින් නියමිත වේලාවට ජයග්‍රාහකයා ප්‍රකාශ කරන අවසන් නිවේදනය කළහොත්
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයා ලෙස අද දිනයේදී දිවුරුම් දිය හැකි බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් දිවුරුම් දෙන වේලාව ස්ථිර කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.
“අවසන් නිවේදනය නියමිත වේලාවට ප්‍රකාශ කළහොත් දිවුරුම් දීම අද(22) සිදු කළ හැකියි”.